වසර 10කට පසු ඔස්ට්‍රේලියාවේ ගුරු වර්ජනයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ආරම්භ කිරීමට නියමිතව ඇති ගුරුවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් 80 කට අධික සංඛ්‍යාවකට බාධා මතුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වර්ජනය දශකයකට වැඩි කාලයකට පසු සිදු වන පළමු ගුරු වැඩ වර්ජනය ලෙසටයි සැලකෙන්නේ.

එළඹෙන අඟහරුවාදා බටහිර ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් විසින් සැලසුම් කරන ලද වරුවක වැඩ වර්ජනය තුළින් ප්‍රාන්තය පුරා පාසල් 80ක පමණ කටයුතු අඩාල කළ හැකි බව ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පාසල් 22 ක විදුහල්පතිවරු ද වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය ලබා දෙමින් පස්වරු 2.30 වන විට පාසල් වසා දමන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි සඳහන්.

තවත් පාසල් 61ක් අර්ධ වශයෙන් විවෘත වන අතර එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

ගුරුවරුන්ගේ වර්ජයන ඇතැම් දෙමාපියන්ගේ කනස්සල්ලට හේතුවී ඇති අතර ඇතැමුන් පවසන්නේ ගුරුවරුන්ට රජයෙන් ලැබෙන දෙයට වඩා බොහෝ දේ ඔවුන්ට ලැබිය යුතු බවයි.

එබැවින් ඔවුන්ගේ වර්ජනය අසාධාරණ නොවන බව ද ඇතැමුන් සඳහන් කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ රජය වසර තුනක් තුළ සියයට 11ක වැටුප් වැඩිවීමක් ලබා දීමට සැලසුම් කර තිබුණ ද ගුරුවරුන් ඉදිරි වසර දෙක තුළ සියයට 12ක් ඉල්ලා ඇති අතර ඊට අදාළවයි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

වැඩවර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට යාම වැලැක්වීමට පැවති සාකච්ඡා ද අසාර්ථක වී ඇතැයි සඳහන්.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »