ඉලොන් මස්ක්ට බලපෑම් නොකර අධිකරණයට යාමට ඔස්ට්‍රේලියාව සූදානමින්

සිඩ්නි දේවස්ථානයක සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉලොන් මස්ක් වෙත තවදුරටත් බලපෑම් කිරීමට නොයන බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ට්විටර් ප්‍රකාශ කර තිබුණේ පිහි ඇනුම ඇතුලත් වීඩියෝ සහ සියලු අන්තර්ගතයන් ඉවත් කරන ලෙස eSafety කොමසාරිස්වරයා කළ ඉල්ලීම්වලට එකඟ නොවන බවයි.

එමෙන්ම ඉලොන් මස්ක් ට්විටර් සටහනක් තබමින් ඔස්ට්‍රේලියාවේ ඉල්ලීම පිළිබඳ සඳහන් කර තිබුණේ ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඔස්ට්‍රේලියානු වාරණ කොමසාරිස් ලෙසට හඳුන්වා දෙමින්.

සමාජ මාධ්‍ය සමාගම් ඔස්ට්‍රේලියානු නීතියට අනුකූලව ප්‍රජාව ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර අධිකරණයට යාමට සූදානම් බව රජයේ ඇමතිවරු අවධාරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ට්විටර් වෙත ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස් දැනුම්දී තිබුණේ සිඩ්නි බිෂොප් මාරි එම්මානුවෙල්ට පිහියෙන් ඇනීමේ අන්තර්ගතය ඉවත් නොකළහොත් දිනකට ඩොලර් 785,000ක දඩයකට මුහුණ දිය හැකි බවයි.

ESafety කොමසාරිස්ගේ නියෝගය ඔස්ට්‍රේලියානු නීතියේ විෂය පථයට අයත් නොවන බව තමන් විශ්වාස කරන අතර නීතිමය අභියෝගයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව ට්විටර් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සමාජ මාධ්‍ය සමාගම් වහාම අන්තර්ගතය ඉවත් කළ යුතු බව රජයේ අපේක්ෂාව බව සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා අගමැති ඇන්තනි ඇල්බනීස් ද පැවසුවේ ප්‍රජාව ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය සමාගම්වලට වගකීමක් ඇති බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »