ඕස්ට්‍රේලියාව අතිරේක ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රාවන් මිලියන 10 ක් ලබා ගන්නා අතරේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම ජනතාවට එන්නත් නොමිලේ ලබා දීමට සැරසේ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ ඕස්ට්‍රේලියාව විසින් ෆයිසර් කොරෝනා වයිරස් එන්නත තවත් මිලියන 10 ක් ලබාගෙන ඇති බවයි.

අමතර මාත්‍රාවලින් රටේ එන්නත් සංඛ්‍යාව මිලියන 150 දක්වා ඉහළ නැංවේ.

ඕස්ට්‍රේලියාවේ මිලියන 150 ක එන්නත් මාත්‍රාවලට ෆයිසර් එන්නත මිලියන 20 ක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිලියන 53.8 කට වඩා, නොවාක්ස් එන්නත මිලියන 51 ක් සහ කොවාක්ස් ජාත්‍යන්තර පහසුකම් ගිවිසුම යටතේ ඒකක මිලියන 25.5 ක් ඇතුළත් වේ.

සංක්‍රමණික තත්වය නොසලකා ඕස්ට්‍රේලියානු භූමියේ වෙසෙන සියලුම ජනතාවට මෙම එන්නත නොමිලේ ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිළි කලේය.

එනම්, ඕනෑම වීසා හිමියෙකුට මෙම එන්නත් නොමිලේ ලබා ගත හැකි වේ. මෙයට සරණාගතයින්, තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍රලාභීන් සහ Bridging වීසා බලපත්‍රලාභීන් ඇතුළත් වේ. දැනට රැඳවුම් ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයින් ද වීසා අවලංගු කර ඇති අය ද සුදුසුකම් ලබයි.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසූවේ ඕස්ට්‍රේලියානු භූමියේ සිටින සියලු දෙනාගේ ආරක්‍ෂාව පිළිබඳ රජය සහතික වන බවයි.

“ඕස්ට්‍රේලියානු භූමියේ සිටින සෑම කෙනෙකුම ආරක්ෂිත බව අප සහතික කළ යුතුයි. ඒ නිසා ඕස්ට්‍රේලියානු භූමියේ සිටින සෑම කෙනෙකුටම ආරක්ෂාව සඳහා ප්‍රවේශය ඇත.” අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය.

ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවේ ඕස්ට්‍රේලියානුවන්ට එන්නත් කිරීමට යන විට ලැබෙන කොරෝනා එන්නත් වර්ගය තෝරා ගැනීමට සාමාන්‍යයෙන් නොහැකි බවයි.

“එන්නත් ලබා දීමේදී ආරම්භක පියවරේදී පළමුව ෆයිසර් කොරෝනා එන්නත් ලබා දෙන අතර ප්‍රධාන වශයෙන් වෛද්‍ය සායන​, ෆාමසි සහ වෙනත් සායන මඟින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙනු ඇත” යැයි මහාචාර්ය මර්ෆි පැවසීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »