
ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
පසුගිය වසර තුළ නිවාස ඒකක සඳහා ප්‍රචාරණය කරන ලද දැන්වීම් අතුරින් සිඩ්නිහි නිවාස මිල සියයට 12.9 කින් ද, මෙල්බර්න්හි සියයට 14.6 කින් ද, බ්‍රිස්බේන්හි සියයට 18 කින් ද, පර්ත්හි සියයට 22.2 කින් ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තවද කැන්බරාහි නිවාස ඒකකයක මිල සියයට 3.6 කින් ඉහළ ගොස් ඇති අතර කුලී පදනම මත නිවාස මිලදී ගැනීමේ දී මිල අවම නගර කෙරෙහි ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය යොමුව තිබෙනවා.

සියලුම ප්‍රධාන නගරවල නිවාස මිල ගණන් මෙලෙස සාපේක්ෂ ඉහළ අගයක් පෙන්නුම් කළ ද කැන්බරා නගරයේ පමණක් මිල අගය පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
නියාමනයකින් තොරව මෙලෙස කුලී නිවාස හිමියන් මිල ඉහළ නැන්වීම ඔස්ට්‍රේලියානුවන් මත වැඩි පීඩනයක් එල්ල වන ඔස්ට්‍රේලියාවේ ඉඩම් හිමියන්ට කුලිය වැඩි කළ හැකි ප්‍රමාණය සීමා කරන එකම ප්‍රදේශය වන්නේ කැන්බරා පමණයි.

ඇතැම් ග්‍රාමීය ප්‍රදේශයන්වල ද වර්තමානය වන විට නිවාස කුලී මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා නීතිමය නියාමනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.