Search

ලොව හොඳම Street Arts ඇති නගර අතරට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 3ක්

වීදි නිර්මාණ (Street Art) කලාව සඳහා ලොව හොඳම නගර අතරට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් එක්වී තිබෙනවා.

ඒ අනුව මෙල්බන් නගරය ලොව වඩාත්ම ආකාර්ශනීය විදී නිර්මාණ කලාව සඳහා වූ ශ්‍රේණිගත කිරීම්වල තුන්වන තැනටයි නම් කර ඇත්තේ.

මෙලබන්හි ACDC වීදිය සහ රැන්කින්ස් විදිය ස්ට්‍ර්ට් ආට් සඳහා වඩාත් ප්‍රසිද්ධියක් දරනු ලබනවා.

තවද මෙල්බන් නගරය පුරා පටු මංතීරුවල සහ තදාසන්න ප්‍රදේශය පුරා සැඟවුණු ස්ථානවල විචිත්‍රවත් වීදි චිත්‍ර දැකිය හැකියි.

Street ආර්ට් නිර්මාණ සඳහා ලොව පුරා නගර 132ක් අධ්‍යයනය කර ඇති අතර ඉන් හොඳම නගර 20ක් එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් කර තිබෙනවා.

බිතුසිතුවම් ගණන, සමාජ මාධ්‍ය දත්ත, වීදි චිත්‍ර සහිත ලිපි ගණන, Google හි කොපමණ වාරයක් සෙවූවාද යන්න ඇතුළත්ව අදාළ නගර සම්බන්ධයෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබුණා.

ඒ අනුව ලොව වඩාත් ආකර්ශණිය ම ස්ට්‍රීට් ආර්ට් කලාව සහිත නගරය බවට ප්‍රංශයේ පැරිස් නගරය නම් කර ඇති අතර දෙවන ස්ථානය ලන්ඩන් නගරය හිමිකරගෙන තිබෙනවා.

තවද හොඳම ස්ට්‍රීට් ආර්ට් කලාවක් සහිත නගර 20 අතරට ඔස්ට්‍රේලියාවේම තවත් නරග 2ක් ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානය සිඩ්නි නගරයටත් 15 වන ස්ථානය බ්‍රිස්බේන් නගරයටත් ලැබී තිබෙනවා.