හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට පහරදීම සහ ලුහුබැඳීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

54 හැවිරිදි ස්ලේටර් අද මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කර ඇත්තේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

2023 වසරේ දෙසැම්බර් 5 සහ මෙම මස 12 වනදා අතර කාලයේ ක්වීන්ස්ලන්ඩ් හි සන්ෂයින් වෙරළ තීරයේ සිදු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් වූ චෝදනා 19ක් ඔහුට එල්ලවී ඇතැයි සඳහන්.

නීති විරෝධී ලෙස ලුහුබැඳීම හෝ බිය ගැන්වීම, රාත්‍රියේ අනවසරයෙන් වාසස්ථානයකට කඩා වැදීම, පහරදීම, ශාරීරික හානියක් සහ හුස්ම හිර කිරීම වැනි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ චෝදනා ඊට ඇතුළත් වනවා.

හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම මෑත කාලීනව රූපවාහිනී විස්තර විචාරකයෙකු ද වන මයිකල් ස්ලේටර්ට ඇප කඩකිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.

1993 වසරේ අළු බඳුන සංචාරයේදී සිය ටෙස්ට් ගමන ආරම්භ කළ ස්ලේටර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර ලකුණු 5312ක් රැස්කර තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරග 42කට ද ක්‍රීඩා කළ මයිකල් ස්ලේටර් 2004 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ලැබුවේ රූපවාහිනී විස්තර විචාර වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමින්.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »