
බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.
වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයේ සිදුවූ සමූල ඝාතනයෙන් ප්‍රහාරකයාට අමතරව පුද්ගලයන් 6 දෙනෙකු මිය ගිය අතර රෝහල් ගතව සිටින තුන් දෙනෙකුගේ තත්වය බරපතල බවයි පැවසෙන්නේ.
මාස නවයක් වයසැති බිලිඳියක් ද ඊට අයත්. 8 දෙනෙකුගේ තත්වය ස්ථාවර වන අතර එක් කාන්තාවක් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ලයිෆ්බ්ලඩ් හි නියෝජිතයන් පැවසුවේ මෙම අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කිරීම වින්දිතයන්ට සහයෝගය පෙන්වීමට කළ හැකි එක් දෙයක් බවයි.
හදිසි අවස්ථාවකදී o negative රුධිරයට විශේෂයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර ඕනෑම රෝගියෙකුට ඔවුන්ගේ රුධිර වර්ගය දැන ගැනීමට පෙර ආරක්ෂිතව ලබා දිය හැකි රුධිර වර්ගය එය වීම ඊට හේතුවයි.

සෑම පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් අවස්ථාවක රුධිරය අවශ්‍ය වුව ද ඔස්ට්‍රේලියානුවන් 30 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් රුධිර පරිත්‍යාගශීලීන් බවයි වාර්තා වන්නේ.