Search

මෙල්බන් අවහිර කළ විරෝධතාවයේදී 14ක් අත්අඩංගුවට

ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා ප්‍රදේශ කිහිපයක සිදු කෙරුණු විරෝධතා අතර මෙල්බර්න්හිදී පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලෝරිමර් වීදියේ මාර්ගයක් අවහිර කළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු සාපරාධී දේපළ හානි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් වික්ටෝරියා පොලිසිය කියා සිටියේ විරෝධතා කණ්ඩායම් පෙළපාලි යනු ඇතැයි අපේක්ෂා කරන නමුත් විරෝධතා පැවැත්වෙන ස්ථාන තමන්ට ලබා දී නොමැති බවයි.

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම හේතුවෙන් පොලිසිය මෙල්බන් ඇතුලු නගර රැසක ආරක්ෂාව දැඩි කර තිබුණා.

ප්‍රධාන නගර තුල සැලසුම් කර ඇති මහජන විරෝධතා සඳහා සූදානම් වීමට සිය ගණනක් පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ කණ්ඩායම් රට පුරා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන විරෝධතා කණ්ඩායම් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම සඳහා වරාය, දුම්රිය ස්ථාන සහ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්ක වැනි ප්‍රධාන නගර අවහිර කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ගාසා තීරයේ ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීමේ දැවැන්ත ගෝලීය උත්සාහයේ කොටසක් ලෙස ඇතැම් ස්ථානවල පෙර දැනුම් දීමකින් තොරව විරෝධතා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ විරෝධතා ස්ථානවලට වරාය, දුම්රිය ස්ථාන, ප්‍රධාන මාර්ග සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළත් විය හැකි බවයි.

මෙල්බර්න් නුවර පෙලපාලිවලින් වැඩිම බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂිත නගරවලින් එකක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේන්, හොබාර්ට්, ඩාවින් සහ කැන්බරා යන ප්‍රධාන සියල්ල මෙන්ම ජීලෝන්ග්, ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ කාසල්මේන් වැනි ප්‍රදේශවල ද විරෝධතා පැවැත්වෙනු ඇති බව සඳහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »