Search

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

සාප්පු සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට ගිය පළමු දිනයේදීම ඝාතනයට ලක්වූ 30 හැවිරිදි පකිස්ථාන ජාතිකයා මෙම පිහි ඇනුමෙන් මියගිය එකම පිරිමි පුද්ගලයායි.

අහමදියා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයෙක් වන 30 හැවිරිදි ෆරාස් තාහීර් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ සිට මීට වසරකට පමණ පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් යටතේ අහමදියා මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් නිරන්තරයෙන් ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ලක්වන බව සඳහන්.

එමෙන්ම ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ද ඉඩ නොදෙන බවයි පැවසෙන්නේ.

මියගිය මෙම පකිස්ථාන ජාතිකයා ඔස්ට්‍රේලියාවේ අහමදියා මුස්ලිම් ප්‍රජාවේ වටිනා සාමාජිකයෙකු පමණක් නොව අහමදියා මුස්ලිම් තරුණ සංවිධානයේ පුණ්‍ය කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක වූ අයෙක් බවයි එහි නියෝජිතයන් කියාසිටියේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »