Search

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

ප්‍රධාන නගර තුල සැලසුම් කර ඇති මහජන විරෝධතා සඳහා සූදානම් වීමට සිය ගනනක් පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ කණ්ඩායම් රට පුරා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන විරෝධතා කණ්ඩායම් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම සඳහා වරාය, දුම්රිය ස්ථාන සහ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්ක වැනි ප්‍රධාන නගර අවහිර කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ගාසා තීරයේ ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීමේ දැවැන්ත ගෝලීය උත්සාහයේ කොටසක් ලෙස ඇතැම් ස්ථානවල පෙර දැනුම් දීමකින් තොරව විරෝධතා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ විරෝධතා ස්ථානවලට වරාය, දුම්රිය ස්ථාන, ප්‍රධාන මාර්ග සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළත් විය හැකි බවයි.

මෙල්බර්න් නුවර පෙලපාලිවලින් වැඩිම බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂිත නගරවලින් එකක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේන්, හොබාර්ට්, ඩාවින් සහ කැන්බරා යන ප්‍රධාන සියල්ල මෙන්ම ජීලෝන්ග්, ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ කාසල්මේන් වැනි ප්‍රදේශවල ද විරෝධතා පැවැත්වෙනු ඇති බව සඳහන්.

මේ හේතුවෙන් එම නගරවල ආරක්ෂාව සඳහා පොලිසිය වැඩි වශයෙන් අනුයුක්ත කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »