Search

සිඩ්නි ඝාතකයාගේ ඉලක්කය හෙළිවෙයි

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයකදී පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පැහැදිළි ලෙසටම කාන්තාවන් ඉලක්ක කර ගෙන ඇති බව පෙනී යන බව පොලිසිය පවසනවා.

40 හැවිරිදි ජොයෙල් කවුචි නම් සැකකරු පසුගිය සෙනසුරාදා සෙනසුරාදා ජනාකීර්ණ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු සංකීර්ණයක් ;තුලදී සිදු කළ පිහි ඇනුමෙන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මියගිය එම හය දෙනාගෙන් පස් දෙනෙකුම කාන්තාවන් වන අතර මාස 9ක් වයසැති කුඩා බිලිඳෙක් ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පැවසුවේ ඝාතකයා කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලි බවයි.

ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයා ප්‍රහාරය නතර කිරීමට උත්සාහ කළ 30 හැවිරිදි ෆරාස් තාහීර් නමැති ආරක්ෂක නිලධාරියෙක්.

ඔහු පාකිස්ථාන ජාතික සරණාගතයෙක් වන අතර රැකියා ලැබූ පළමු දිනයේදීම එම අවාසනාවන්ත මරණයට ගොදුරුවි තිබුණා.

අපරාධකරුගේ අරමුණ පැහැදිළි නොමැති අතර රහස් පරීක්ෂක නිලධාරීන් ඔහු හඳුනන අය සමඟ සාකච්ඡා කරන බවයි පොලිස් කොමසාරිස්වරිය සඳහන් කළේ.

එම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක විසින් වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරුගේ මානසික සෞඛ්‍යය හා සම්බන්ධ සිදුවීමක් මෙම ප්‍රහාරයට බොහෝ දුරට හේතු වන්නට ඇති බව බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

40 හැවිරිදි මෙම පුද්ගලයා වසර කිහිපයක් මාර්ගවල ඇවිදිමින් ජීවත් වී ඇති අතර මානසික රෝගයකින් පෙළෙන බව මුලින්ම හඳුනාගෙන ඇත්තේ වයස අවුරුදු 17 දී බව සඳහන්.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »