Search

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ මුළු රටම සේදීයාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි මේ වන විට හෙළිවී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ටුවාලු වැසියන්ගේ නිවෙස්, මාර්ග සහ ව්‍යාපාරික ස්ථාන අධික වඩදිය බාදිය අවස්ථාවන්වලදී නිතිපතා ජලයෙන් යට වන බවයි.

එය ඉදිරියේදී තවදුරටත් නරක අතට හැරෙනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම තත්වයට විසඳුමක් ලෙස ගෝල්ඩ් කෝස්ට්හි ඉංජිනේරු ජේම්ස් ලුවිස් විසින් හෙක්ටයාර් හතක නව බිම් කැබැල්ලක් නිර්මාණයට සැලසුම් කර ඇති අතර එය රළ නැවැත්වීමට බාධකයක් ලෙස ක්‍රියා කරන බව සඳහන්.

මූලික වශයෙන් අවදානමට ලක්විය හැකි වෙරළ තීරයේ මීටර් 800ක ප්‍රදේශයක් ඉහළම වඩදිය බාදියට මට්ටමට වඩා මීටර් දෙකක් ඉහළට ඔසවා තැබීමෙන් 2100 වසර දක්වා ප්‍රදේශය ආරක්ෂා වී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සැලැස්මේ පළමු අදියර සඳහා දැනටමත් ඩොලර් මිලියන 55ක් වැය වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ හරිත දේශගුණික අරමුදල සහ ඔස්ට්‍රේලියානු රජය විසින් ඊට ඒකාබද්ධව අරමුදල් සපයනු ලබනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »