කොවිඩ් එන්නත් නැතිව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක සේවය කරන්න අවසර හිමිවෙයි

COVID-19 එන්නතකින් තොරව සෞඛ්‍ය සේවකයින්ට සේවයේ නිරත වීමට ඉඩ සලසන ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියාව පත්වනු ඇතැයි වාර්තා වනවා.

යෝජිත වෙනස්කම් යටතේ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ප්‍රතික්ෂේප කිරීමට අවසර හිමි වන අතර එන්නතෙහි ප්‍රතිලාභ සහ ඒවා අත්හැරීමට ඔවුන්ගේ කැමැත්ත සටහන් කරමින් ප්‍රකාශයක් අත්සන් කිරීමට සිදු වනු ඇති.

සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් පික්ටන් සඳහන් කළේ මෙම වෙනස මඟින් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සේවයෙන් පහ කරන ලද සෞඛ්‍ය සේවකයින් 250 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට හැකි වනු ඇති බවයි.

සිදු කිරීමට නියමිත වෙනස්කම් සාකච්ඡාවට ලක්වන බැවින් දකුණු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන උණ සමයට පෙර පූර්වාරක්ෂාව වෙනුවෙන් එන්නත් ලබා ගන්නා ලෙසයි.

ප්‍රාන්තය දැනටමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර COVID-19 වසංගතය ආරම්භයෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියාව තුළ ගතවූ සතියේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණා.

වෛද්‍ය ප්‍රවීණයන් ප්‍රකාශ කළේ මරණ අඩු වීමට හේතු වී ඇත්තේ එන්නත් කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය වීම සහ වෛරසය පිළිබඳ අවබෝධය මෙන්ම ඵලදායී ප්‍රතිකාර යන කරුණුවල එකතුවක් බවයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »