ඔස්ට්‍රේලියානුවන්ගේ අහිතකර නැඹුරු වීමක් ගැන තොරතුරු

ඔස්ට්‍රේලියානුවන්ගේ පලතුරු සහ එළවළු පරිභෝජනය අඩු වී චිප්ස්, කුකුල් මස් සහ චොකලට් වැඩි වශයෙන් ආහාරයට ගැනීමේ තත්වයක් පෙන්නුම් කෙරෙන බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියානුවන් පසුගිය වසරේ එළවළු වර්ග ආහාරයට ගෙන ඇත්තේ සියයට හතක් අඩුවෙන් බවයි හෙළිවී ඇත්තේ.

එය එක් පුද්ගලයෙකුට දිනකට එළවළු ග්‍රෑම් 14 කට සමාන වනවා.

දෛනික පලතුරු පරිභෝජනය දිනකට ග්‍රෑම් 12කින් හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුණු අතර එය සමස්තයක් වශයෙන් ගත් විට සියයට අටක අඩුවීමක් බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ආහාර මාර්ගෝපදේශවලට අනුව නිර්දේශ කර ඇත්තේ සෑම දිනකම අවම වශයෙන් ග්‍රෑම් 600කට සමාන වන එළවළු වර්ග පහක්වත් අනුභව කරන ලෙසයි.

නමුත් 2022-2023 අතර කාලයේදී ඔස්ට්‍රේලියානුවන් සෑම දිනකම සාමාන්‍යයෙන් එළවළු ග්‍රෑම් 186ක් පමණක් ආහාරයට ගෙන ඇති අතර එය පෙර වසරේ සටහන් වූ ග්‍රෑම් 200ට වඩා අඩු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්.

සමස්තයක් වශයෙන්, උද්ධමනය සහ ඉහළ යන ජීවන වියදම ගෘහාශ්‍රිත ආහාර මත වැඩි පීඩනයක් ඇති කළ බැවින් පෙර වසරට වඩා සියයට හතරකට ආසන්න අඩු ප්‍රමාණයකින් ආහාර මිලදී ගත් බවයි පවුල් ඒකක පවසන්නේ.

නමුත් පසුගිය වසර පහ තුළ අර්තාපල් චිප්ස් අලෙවිය සියයට 16 කින් ඉහළ ගොස් ඇති අතර, චොකලට් අලෙවිය සියයට 10කින් ඉහළ ගොස් තිබෙනවා.

පීසා, පැස්ටා සහ සුෂි වැනි පෙර සූදානම් කළ ආහාර ඇතුළත් පහසු ආහාර අලෙවිය සියයට නවයකින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »