Search

ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාරය ඔස්ට්‍රේලියාව හෙළාදකී

ඉරානය විසින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන යානා සහ මිසයිල 300 කට වැඩි සංඛ්‍යාවෙන් බහුතරයක් වලක්වා ගැනීමට හැකි වූ බව ඊශ්‍රායලය පවසනවා.

ජාත්‍යන්තරයේ ද දෝෂ දර්ශනයට ලක්වූ මෙම ප්‍රහාර ඉරානය තම භූමියේ සිට සෘජුවම ඊශ්‍රායලය ඉලක්ක කරගත් ප්‍රථම අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන හමුදා නිලධාරීන් ඇතුලු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තිබුණා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර සියල්ලම පාහේ බිම හෙළීමට ඇමරිකාව උදව් කළ බවයි.

ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති නමුත් ඉරානය සමඟ ගැටුම තවමත් අවසන් නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉරානය එල්ල කරන නොසැලකිලිමත් මිසයිල ප්‍රහාර හමුවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවධානයෙන් පසුවන ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරගණනාවක් ඊශ්‍රායලයට එල්ලවී ඇති බැවින් තත්වය නිරීක්ෂණය කර අවශ්‍ය නම් කොන්සියුලර් උපදෙස් ලබා ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ.

මෙම ප්‍රහාරය ඔස්ට්‍රේලියාව විසින් හෙළා දැක ඇති අතර අගමැතිවරයා පැවසුවේ අහිංසක ජීවිතවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ඕනෑම අයෙකු මෙම නොසැලකිලිමත් ප්‍රහාරවලට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

මෙම ගැටුම් ඊශ්‍රායලයේ සහ සමස්ත කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »