Search

ප්ලාස්ටික් ඇසුරුම් ගැන සුපිරි වෙලඳසැල්වලට චෝදනා

ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අවම කිරීම සදහා සුපිරි වෙළදසැල් හි දායකත්වය අවම මට්ටමක පවතින බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

ප්ලාස්ටික් සහ පොලිතින් ඇසුරුම් සහිත අයිතම වැඩි ප්‍රමාණයක් සුපිරි වෙළදසැල්වල අලෙවිය සඳහා පවතින අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදෙන බවයි සුපිරි වෙළඳසැල්වලට එරෙහි චෝදනාව වන්නේ.

විනිවිදභාවය, ප්ලාස්ටික් ඇසුරුම්වලින් තොර වීම, නැවත නැවත භාවිත කිරීමට හැකිවීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම යන නිර්ණායක 4 මත පිහිටා ඔස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමය එම වාර්තා නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ පවතින කිසිදු සුපිරි වෙළදසැලක් ඉහත නිර්ණායක සියල්ලට අනුකුලව කටයුතු කිරීමට සමත් වී නැහැ.

ඒ අනුව පසුගිය වසරේ අපද්‍රව්‍ය එක්රැස් කිරීම්වලින් හමුවු ප්ලාස්ටික් අතුරින් සියයට 39.4ක් මෘදු ප්ලාස්ටික් බව හදුනාගෙන ඇති අතර සියයට 17.3කට වැඩි ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ ආහාර ඇසුරුම් සදහා භාවිත වූ ප්ලාස්ටික් ඇසුරුම් වීම විශේෂත්වයක්.

Coles , Woolworths වැනි සුපිරි වෙළඳසැල් සදහා ප්ලාස්ටික් භාවිතය අවම කිරිමට නිසි වැඩපිළිවෙලක් නොමැති බවටයි විචාරකයින් චෝදනා නගන්නේ.

ප්ලාස්ටික් වෙනුවට කඩදාසි ඇතුලු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි විකල්ප භාවිතා කිරීමට කටයුතු කරන බව Woolworths ජාලය සඳහන් කර තිබෙනවා.

කල් පැවැත්ම වෙනුවෙන් පළතුරු සහ එළවලු ප්ලාස්ටික් මෙන්ම පොලිතින් ආවරණ මගින් ඇසුරුම් කිරීමට සුපිරි වෙළඳසැල් පෙළඹවී ඇති අතර ඒ සදහා යම් නියාමනයක් ඇති කල යුතු බවයි පාරිසරික සංවිධාන අවධාරණය කර ඇත්තේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »