
2030 වසර වන විට නව මෝටර් රථ මිලදී ගැනීම්වලින් තුනෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් විද්‍යුත් වාහන වෙත යොමුවන බව ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ඒ අනුව 2030 වසර වන විට විද්‍යුත් වාහන අලෙවිය සියයට 27ක පමණ අගයක් ගනු ඇති බවයි පැවසෙන්නේ.
මීට පෙර විද්‍යුත් වාහන අලෙවිය සියයට 89ක් දක්වා ඉහළ යන බවට පුරෝකතනය කර තිබුණ ද නවතම ඇස්තමෙන්තු වාර්තා මගින් පෙනී යන්නේ එම අගය පහත වැටීමක් සිදු වන බවයි.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් විද්‍යුත් වාහන සඳහා බදු සහන මෙන්ම ගාස්තු අඩු කිරීම් සිදු කරන බවට කළ පූර්ව මැතිවරණ ප්‍රචාරණ හේතුවෙන් විද්‍යුත් වාහන වෙත යොමුවන අගය සියයට 89ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබුණා.
කෙසේ වෙතත් 2030 වසර වන විට ඕස්ට්‍රේලියාවේ කුඩා වාහන අතුරින් සියයට 5ක් වැනි කුඩා අගයක් විද්‍යුත් වාහන සඳහා වෙන් වන බවයි ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත්තේ.
