සිඩ්නි පිහි ඇනුමෙන් මියගිය පිරිස අතර ඔස්ට්‍රේලියා ප්‍රකෝටිපතියෙකුගේ දියණියත්

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම ජාතිය කම්පනයට පත් කළ සිදුවීමක් බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවසනවා.

මෙම තමාට ඉතා හුරුපුරුදු සාප්පු සවාරි මධ්‍යස්ථානයක් වන අතර, මිනිස් ජීවිත අහිමි වීම සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවීම මහත් කම්පනයක් බවයි අගමැතිවරයා සඳහන් කළේ.

මියගිය පිරිසගේ පවුල්වල සාමාජිකයන් සමග තමා අදහස් හුවමාරු කර ගත් බව ද අගමැතිවරයා ප්‍රකාශ කළා.

ප්‍රහාරකයා නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ට අගමැතිවරයා ප්‍රශංසා කළ අතර ඔවුන්ට ස්තූතිවන්ත විය යුතු බවයි සඳහන් කළේ.

මේ අතර මෙම ප්‍රහාරයෙන් මියගිය කිහිප දෙනෙකුගේ අනන්‍යතාව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මාස 9ක් වයසැති කුඩා බිළිඳෙකුගේ මවක් ද මියගොස් ඇති අතර අදාළ බිළිඳා ද සැත්කම් කිහිපයකට භාජනය කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රැකියාවට ගිය පළමු දිනයේදීම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ පාකිස්ථාන ජාතික සරණාගතයෙකු ද මියගිය පිරිස අතර වනවා.

30 හැවිරිදි ඔහු ෆරාස් තාහීර් ලෙසට හඳුනාගෙන ඇති අතර වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව ආරම්භ කළ පළමු දිනයේදීම ඔහුට ජීවිතය අහිමි වුණා.

එමෙන්ම කෝටිපති ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජෝන් සිංගල්ටන්ගේ දියණිය වන ඩෝන් සිංගල්ටන් ද ප්‍රහාරයෙන් මිය ගියා.

මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් පස් දෙනෙකු සහ සහ එක් පිරිමි පුද්ගලයෙකු මිය ගිය අතර 12 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර පිහි ඇනුම සිදු කළ සැකකරුට වෙඩි තැබූ නිව් සවුත්වේල්ස් පොලිස් පරීක්ෂක ඇමී ස්කොට්ගේ ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඇයගේ ධෛර්යය සහ නිර්භීතකම පැසසුමට ලක්ව ඇති අතර සන්නද්ධ මිනිසෙකුට මුහුණ දී ජීවිත බේරා ගැනීම පිළිබඳ ගෞරවයට පාත්‍ර වී ඇති බව සඳහන්.

පොලිස් අමාත්‍ය යස්මින් කැට්ලි පැවසුවේ මෙම නිලධාරිනියගේ පැමිණීමක් සිදු නොවුයේ නම් මෙය දැවැන්ත ව්‍යසනයකින් අවසන් විය හැකිව තිබු බවයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »