පර්ත් නුවර නිවසකින් අබිරහස් මළ සිරුරු දෙකක්

පර්ත් නුවර නිවසක් තුළ තිබී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලිසියට ඊයේ දහවල් ලැබුණු තොරතුරකට අනුවයි ගොල්ෆ් ලින්ක්ස් ඩ්‍රයිව්හි නිවසකින් මෙම පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව හෝ මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

රහස් පරීක්ෂක නිලධාරීන් ඇතුලු පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර සිද්ධියට අදාළ තොරතුරු දන්නා අයෙක් වෙතොත් පොලිසියට තොරතුරු ලබාදෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයකින් හමුවූ දිරාපත් වූ මළ සිරුරු දෙකකෙහි අනන්‍යතාව හෙළි කර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වනවා.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති අතර මළ සිරුරු අතිශය දිරාපත්වීම නිසා හඳුනා ගැනීමේ ගැටලු මතුවී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය සිය විමර්ශන සිදු කරමින් පවතින හදිසි මරණ පරීක්ෂකවරයා සඳහා වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.

කන්ටේනරයේ තිබී සොයාගත් මළ සිරුරු කාගේ ද යන්න මෙතෙක් නිල වශයෙන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වී නැහැ.

මෙම සිරුරු දෙක අනවසර සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරුන ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සාක්ෂිකයක් පොලිසියට හමුවි නොමැති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »