ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට අගමැතිගෙන් දැනුම්දීමක්

ඉරානය එල්ල කරන නොසැලකිලිමත් මිසයිල ප්‍රහාර හමුවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවධානයෙන් පසුවන ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරගණනාවක් ඊශ්‍රායලයට එල්ලවී ඇති බැවින් තත්වය නිරීක්ෂණය කර අවශ්‍ය නම් කොන්සියුලර් උපදෙස් ලබා ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ.

අද උදෑසන ඉරානය එල්ල කරන ලද මිසයිල ගණනකට ගොදුරු වූ ස්ථාන අතර ආරක්ෂක හමුදා කඳවුරක් ද වන අතර ඉතිරි බහුතරය වැලක්වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තහවුරු කළා.

මෙම ප්‍රහාරය ඔස්ට්‍රේලියාව විසින් හෙළා දැක ඇති අතර අගමැතිවරයා පැවසුවේ අහිංසක ජීවිතවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ඕනෑම අයෙකු මෙම නොසැලකිලිමත් ප්‍රහාරවලට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

මෙම ගැටුම් ඊශ්‍රායලයේ සහ සමස්ත කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි ඇන්තනි ඇල්බනිස් අද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඔහු එම කලාපයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රාදේශීය මාධ්‍ය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සහ පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන ලෙසයි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »