සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමනය මෙන් දෙගුණයකින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් ගෘහස්ථ බිල්පත්වලට සාපේක්ෂව සෞඛ්‍ය රක්‍ෂණය හේතුවෙන් ද පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

නව විශ්ලේෂණයට අනුව 2000 වසරේ සිට සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය සියයට 204කින් වැඩි වී ඇති අතර එම කාලය තුළ උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව සඳහන්.

ෆයින්ඩර් හි සෞඛ්‍ය රක්‍ෂණ විශේෂඥ ටිම් බෙනට් පැවසුවේ බොහෝ අය ඉහළ යන පිරිවැය සමඟ සෞඛ්‍ය රක්ෂණ ගෙවීම් සඳහා අරගල කරන බවයි.

සෞඛ්‍ය රක්‍ෂණ වාරික උද්ධමනය පවත්වා ගැනීමට සෑම වසරකම වැඩි වන නමුත්, වයස්ගත ජනගහනයන්ගේ නිදන්ගත රෝග ඉහළ යාම වැනි හේතු සාධක මෙලෙස සෞඛ්‍ය රක්ෂණ ඉහලයෑම කෙරෙහි බලපා තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම රක්ෂණ කපා හැරීමට පියවර ගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සෞඛ්‍ය ආවරණය අවලංගු කිරීම අවදානම් පියවරක් වන අතර අනාගත සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇතිවන බව ෆයින්ඩර් විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »