කන්ටේනරයෙන් හමුවූ මළ සිරුරුවල අනන්‍යතාව හොයන්න බැරිවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයකින් හමුවූ දිරාපත් වූ මළ සිරුරු දෙකකෙහි අනන්‍යතාව හෙළි කර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වනවා.

ගුල්ගොං හි කන්ටේනරයක තිබී මෙම සිරුරු දෙක හමුවීමත් සමග ප්‍රදේශයේ ජනතාව ද කම්පනයට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති අතර මළ සිරුරු අතිශය දිරාපත්වීම නිසා හඳුනා ගැනීමේ ගැටලු මතුවී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය සිය විමර්ශන සිදු කරමින් පවතින හදිසි මරණ පරීක්ෂකවරයා සඳහා වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.

ඊයේ පෙරවරු 11ට පමණ ගුල්ගොං හි පිහිටි ඉඩමකට ආරක්ෂක අංශ කැඳවා තිබුණේ මෙම සිරුරු දුටු ප්‍රදේශවාසියෙක් විසින්.

කන්ටේනරයේ තිබී සොයාගත් මළ සිරුරු කාගේ ද යන්න මෙතෙක් නිල වශයෙන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වී නැහැ.

මෙම සිරුරු දෙක අනවසර සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරුන ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සාක්ෂිකයක් පොලිසියට හමුවි නොමැති බව සඳහන්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »