පිහි ඇනුම සිදු කළ සැකකරු මෙල්ල කළ පොලිස් නිලධාරිනියට දසතින් පැසසුම්

සිඩ්නි සාප්පු සංකීර්ණයකදී පිහි ඇනුමක් සිදු කළ සැකකරු මෙල්ල කළ නිව් සවුත්වේල්ස් පොලිස් පරීක්ෂක ඇමී ස්කොට්ගේ ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඇයගේ ධෛර්යය සහ නිර්භීතකම පැසසුමට ලක්ව ඇති අතර සන්නද්ධ මිනිසෙකුට මුහුණ දී ජීවිත බේරා ගැනීම පිළිබඳ ගෞරවයට පාත්‍ර වී ඇති බව සඳහන්.

පොලිස් නිලධාරිනියගේ වෙඩි පහරින් මියගිය මෙම සැකකරු සවස 3 ට පමණ සාප්පු මධ්‍යස්ථානයට ඇතුළු වී පුද්ගලයින් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු හය දෙනෙකු මියගොස් ඇති අතර 12 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සාමාන්‍ය පරීක්ෂාවන් සඳහා රාජකාරියේ නිරතව සිටි මෙම නිලධාරිනියට සිදුවීම සම්බන්ධයෙන් දැනුම් දී තිබුණේ සාප්පු සවාරියේ පැමිණ සිටි ජනතාව විසින්.

පොලිස් නිලධාරිනිය සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කළ ද 40 හැවිරිදි ඔහු ඇයට ද පහරදීමට උත්සහ කර ඇති බවයි පැවසෙන්නේ.

එහිදී පොලිස් නිලධාරිනිය වෙඩි තබා ඇති අතර ප්‍රහාරකයා එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

සැකකරු 40 හැවිරිදි බ්‍රිස්බේන් ජාතික ජොයෙල් කවුචි ලෙස හඳුනාගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂක ඇමී ස්කොට්ගේ තීරණාත්මක ක්‍රියාවන් ඇගේ ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්ව ඇති අතර ඇය ජීවිත බේරාගැනීමේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

පොලිස් අමාත්‍ය යස්මින් කැට්ලි පැවසුවේ මෙම නිලධාරිනියගේ පැමිණීමක් සිදු නොවුයේ නම් මෙය දැවැන්ත ව්‍යසනයකින් අවසන් විය හැකිව තිබු බවයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »