ඉරානය ඊශ්‍රායලයට පහරදීම අරඹයි

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ඉලක්ක වෙත ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය පළමු වනදා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ එම ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ද ඒ අතර වුණා.

අදාළ ප්‍රහාරයට පළි ගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ රාත්‍රී එල්ල කර ඇත්තේ එම ප්‍රහාරය බවයි පැවසෙන්නේ.

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බව වාර්තා වනවා.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැඳවා තිබෙනවා.

රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉරානය ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 200කට අධික සංඛ්‍යාවකින් යුත් දැවැන්ත ප්‍රහාරයක් සිදු කළ බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »