සිඩ්නි නුවර පිහි ඇනුම සිදුකළ ඝාතකයා හඳුනා ගැනේ

සිඩ්නි හි නැගෙනහිර බොන්ඩායි ජන්ෂන්හි සාප්පු මධ්‍යස්ථානයක ඊයේ පස්වරුවේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

එම පුද්ගලයා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිව සිටි 40 හැවිරිදි ජොයෙල් කවුචි නම් පුද්ගලයෙකු බවටයි හඳුනාගෙනඇත්තේ.

සැකකරුගේ ප්‍රහාරයෙන් අලුත උපන් මාස නවයක් වයසැති කුඩා බිළිඳෙකු ගේ මවක් ඇතුලු 6 හය දෙනෙකු මරණයට පත්වුණා.

නිව් සවුත්වේල්ස් සහකාර පොලිස් කොමසාරිස් ඇන්තනි කුක් පැවසුවේ සැකකරු පසුගිය මාසයේ ක්වීන්ස්ලන්තයේ සිට නිව් සවුත් වේල්ස් වෙත පදිංචියට ගිය අයෙක් බවයි.

පොලිසිය ඔහුගේ පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති අතර ඔවුන් විමර්ශකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රහාරයට හේතුව තහවුරු කර නොමැති අතර, එය ඝාතකයාගේ මානසික සෞඛ්‍යය සම්බන්ධ හේතුවක් වන්නට ඇති බවටයි පොලිසිය අපේක්ෂා කරන්නේ.

පොලිසිය සඳහන් කළේ සැකකරුට අමතරව කාන්තාවන් හතර දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර, තවත් කාන්තාවක් පසුව රෝහලේදී මිය ගිය බවයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »