ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

සිද්ධියෙන් ප්‍රහාරකයා මෙන්ම 9 හැවිරිදි බිළිඳෙකුගේ මවක් ඇතුලු 7 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූවන් අතර මාස නවයක් වයසැති බිළිඳා ද සිටින බව සඳහන්.

නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ් තහවුරු කළේ ප්‍රහාරකයාට අමතරව කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමියෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි.

ශල්‍යකර්මයකට භාජනය කර ඇති මාස නවයක් වයසැති බිළිඳා ඇතුළු අට දෙනෙකු ප්‍රතිකාර සඳහා සිඩ්නි අවට රෝහල් වෙත ගෙන ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද පස්වරු 3.10 ට පමණ පුද්ගලයෙකු වෙළඳ මධ්‍යස්ථානයට ඇතුළු වී ඇති අතර ඔහු විනාඩි 10කට පමණ එහි සිටි පිරිසට පිහියෙන් ඇන ඇති බවයි.

රග්බි ලීග් ජර්සියකින් සැරසී සිටි පුද්ගලයෙකු පිහියක් අතැතිව සිටින ආකාරය මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝ දර්ශනවල සඳහන්.

පොලිස් කොමසාරිස්වරිය ඊයේ රාත්‍රියේ මාධ්‍ය අමතමින් සඳහන් කළේ මෙම ප්‍රහාරය අහඹු එකක් මිස ඉලක්ක කර ගත් ත්‍රස්තවාදී සිද්ධියක් නොවන බවයි.

පිහි ඇනුම සිදු වූ සාප්පු මධ්‍යස්ථානය අද වසා තැබෙන අතර අපරාධ ස්ථානය දින කිහිපයක් ආරක්ෂිතව පවතිනු ඇති.

මේ අතර විලියම් කුමරු සහ වේල්ස් කුමරිය මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෞද්ගලික පණිවිඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සිඩ්නි හි සිදු වූ බිහිසුණු සිදුවීම් ගැන කම්පනයට හා කණගාටුවට පත් වන බවයි.

මේ අතර සිදුවීම පිළිබඳ දැඩි කම්පනයට පත්වූ බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් ප්‍රකාශ කළා.

මෙය සාමාන්‍ය සෙනසුරාදා දිනයක සාප්පු සවාරි යාමේ යෙදී සිටින අහිංසක මිනිසුන් ඉලක්ක කර ගත් බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම කණගාටුදායක අවස්ථාවේ දරුණු ක්‍රියාවට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සියලු ඔස්ට්‍රේලියානුවන් ශෝක වන බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

ශෝක වන සියලුම දෙනාට ජාතියක් ලෙස බලවත් ශෝකය සහ සංවේගය පුද කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බවයි ඇන්තනී ඇල්බනිස් කියාසිටියේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »