Search

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ අද පස්වරු 3.10 ට පමණ පුද්ගලයෙකු වෙළඳ මධ්‍යස්ථානයට ඇතුළු වී ඇති අතර ඔහු විනාඩි 10කට පමණ එහි සිටි පිරිසට පිහියෙන් ඇන ඇති බවයි.

රග්බි ලීග් ජර්සියකින් සැරසී සිටි පුද්ගලයෙකු පිහියක් අතැතිව සිටින ආකාරය මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝ දර්ශනවල සඳහන්.

මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ තනි පුද්ගලයෙකු මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර පොලිසිය සඳහන් කළේ මහජනතාවට අඛණ්ඩ තර්ජනයක් නොමැති බවයි.

සැකකරු කවුරුන් ද යන්න හෝ මෙම පිහි ඇනුමට හේතුවක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ගීලන් රථ සේවය පැවසුවේ මාස නවයක් වයසැති බිළිඳෙකු ඇතුළු තුවාල ලැබූ 8 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් විවිධ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවයි.

ප්‍රහාරකයාගේ අනන්‍යතාවය සහ චේතනාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු තනිවම පැමිණ ඇති බවට විශ්වාස කෙරෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පැවසුවේ බොන්ඩායි ජන්ෂන් සිදුවීම පිළිබඳ දැඩි කම්පනයට පත්වූ බවයි.

මෙය සාමාන්‍ය සෙනසුරාදා දිනයක සාප්පු සවාරි යාමේ යෙදී සිටින අහිංසක මිනිසුන් ඉලක්ක කර ගත් බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම කණගාටුදායක අවස්ථාවේ දරුණු ක්‍රියාවන්ට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සියලු ඔස්ට්‍රේලියානුවන් ශෝක වන බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

ශෝක වන සියලුම දෙනාට ජාතියක් ලෙස බලවත් ශෝකය සහ සංවේගය පුද කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බවයි ඇන්තනී ඇල්බනිස් කියාසිටියේ.

මේ අතර නිව් සවුත්වේල්ස් වැඩබලන අගමැති පෙනී ශාර්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බොන්ඩි හන්දියේ සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා ගැන තමා අතිශය කම්පනයට පත් වන බවයි.

මේ අවස්ථාවේ වින්දිතයන්, ඔවුන්ගේ පවුල් වෙත ශෝකය පළ කරන බවයි ඇය සඳහන් කළේ.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »