කුලී නිවාස ගන්න යනවා නම් මේ වංචාවට හසුවෙන්න එපා

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

තාවකාලික කුලී සැපයුම් ආයතනයක් වන එයාර් බී එන් බී සමාගම ලෙස පවසමින් මෙල්බන් වැසියන් රැසක් මෙලෙස ව්‍යාජ ගිවිසුම්ගත කිරීම්වලට රැවටී මුදල් ආයෝජනය කර ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ මෙම වංචනික ක්‍රියාව තනි පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති අතර සැකකරු කෙටිකාලීන පදනම මත නිවසක් කුලියට ගැනීමට අදාළ ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර අදාළ සැකකරු යැයි විශ්වාස කෙරෙන පුද්ගලයකුගේ ඡායාරූපයක් ද වික්ටෝරියා පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

පොලිසිය අවධාරණය කළේ කෙටි කාලීන කුලී නිවාස මිලදී ගැනීමේ දී බලපත්‍රලාභී දේපළ වෙළඳාම් නියෝජිතයන් හා පමණක් ගණුදෙනු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙලෙස කුලී නිවාස මිලදී ගැනීමේ දි තමන් වංචනික ක්‍රියාවන්ට හසුවුයේ නම් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීම වැදගත් වන බව ද ජනතාවට දැනුම් දෙනවා.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් මියගිය ගණන 2000 ඉක්මවන බවට තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයාමෙන් පුද්ගලයන් 2000ක් පමණ මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »