
සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය පිහි ඇනුමට සම්බන්ධ සැකකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයෙන් ඉවතට ජනතාව දිව යන අයුරු දැකගත හැකි වූ අතර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අද පස්වරු 3.45ට පමණ සිදුවීම වාර්තා වීමත් සමග පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කර එම ප්‍රදේශයට ඇතුලු වීම අවහිර කර තිබෙනවා.
මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදුවන අතර එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නිව් සවුත් වේල්ස් ගිලන් රථය සේවය පැවසුවේ ප්‍රහාරකයෙකු යැයි විශ්වාස කරන එක් පුද්ගලයෙකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
ළදරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.