
මෙල්බර්න්හි ගංවතුර ආපදා අවම කිරීමේ අරමුණින් ජලනල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ මෙල්බන්හි මැරිබනොන්ග් ගංගාව පිටාර ගැලීමත් සමග නිවාස 500ක් මුලුමනින්ම ජලයෙන් යටවුණා.
ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ ආපදා අනතුරු ඇඟවීමේ සංඥා නිකුත්වීම ප්‍රමාදය වීම ඊට හේතුවු බවයි.

අදාළ අනතුරු ඇගවීමේ සංඥා නිකුත් වන විටත් සියලු නිවාස ජලයෙන් යටවී තිබීම හේතුවෙන් විශාල හානියක් සිදුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටෝනි පැගෝන් ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමටයි බලධාරින් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව නිර්දේශ 15කින් සමන්විත කමිටු වාර්තාවක් පසුගියදා ඉදිරිපත් කර තිබූ අතර එම නිර්දේශයන්ට අනුකූලව ප්‍රාන්තය පුරා නව ජලනල පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාළ නව ආකෘතියක් ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයක්.
එමගින් අපදා තත්වයන් ඇතිවීමට පෙර නිවැරදි තොරතුරු ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.
කාලගුණ අංශ සමග සම්බන්ධ වී ඉදිරියේ දී පැය 6කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවන අවස්ථාවල නිසි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබෙනවා.
පැරණි ජලනල පද්ධතියේ වු තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් නව පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අපධා අවම කරගත හැකි බවයි විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.