Search

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්ෂික ආදායම ඩොලර් 80000 හෝ ඊට අඩු පවුල් සඳහා දැනය පවතින සහනාධාර සියයට 90 සිට සියයට 100 දක්වා සියලු පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා වු පුරප්පාඩු පිරවීම සඳහා වැඩි පිරිසක් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන පහසුකම් නොමිලේ ලබා දීම වඩාත් සුදුසු බව ඵලදායිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.

ළමාරක්ෂක සේවක හිඟය පියවීම සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට ඇති බාධා ඉවත් කිරීම, ගුරු අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයන් අත්හදා බැලීම, විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන තුල මේ සම්බන්ධ උපදේශණ සේවා පුලුල් කිරීම වැනි යෝජනා රැසක් ඵලදායිතා කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මුල් ළමාවිය අධ්‍යාපන ශ්‍රම බලකාය පුළුල් නොකර අදාළ යොජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

මේ අතර ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක පෙර පැසැල් ඇතුලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම මගින් කාර්ය මණ්ඩල සඳහා වු ඉල්ලුම වැඩි කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වනවා.

සෑම වසර තුනකට වරක් මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් පිළිබඳ විමසුමක් සිදු කළ යුතු අතර ලාභය සහ පිරිවැය විමර්ශණය කිරීම වැදගත් බවයි කොමිසම විසින් ෆෙඩරල් රජයට දන්වා ඇත්තේ.

මේ සම්බන්ධ මහජන අදහස් හා උපදේශන සේවා ලබා ගැනීමේන් අනතුරු 2024 ජුනි මාසයේදී අවසන් වාර්ථාවක් කොමිසම විසින් ලබා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »