දශක ගණනාවක් තිස්සේ ඔස්ට්‍රේලියානුවන්ට හිමි වූ නොමිලේ රුධිර පරීක්ෂණ සේවාව අවසන් විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.
සෑම සතියකම ඔස්ට්‍රේලියානුවන් මිලියනයක් සාමාන්‍ය රුධිර පරීක්ෂණයක සිට පිළිකා පරීක්ෂාව දක්වා සෑම දෙයක් සඳහාම නොමිලේ හිමිවන වෛද්‍ය සේවාවන් භාවිතා කරන බවයි අනාවරණ වී ඇත්තේ.
එහෙත් මෙම පරීක්ෂණ ක්ෂේත්රයේ ඉහළම ආයතනයක් අනතුරු අඟවන්නේ රජය ලබාදෙන අරමුදල් වැඩි නොකළහොත් පරීක්ෂණ සඳහා බිල්පත් වැඩි ප්‍රමාණයක් රෝගීන්ට ලබා දීමට සිදුවනු ඇති බවයි.
බොහෝ පරීක්ෂණවල පිරිවැය Medicare තුලින් හිමිවීම මගින් ඔස්ට්‍රේලියාවේ රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් ඇති විට රුධිර පරීක්ෂණ සේවාවන් බොහෝ දුරට නොමිලයේ හිමිවනවා.
රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන්වල නිරත කණ්ඩායම් පෙන්වා දෙන්නේ මේ දිනවල කිසිදු කර්මාන්තයක් මූල්‍ය පීඩනයෙන් මිදී නොමැති බවයි.
සේවා ඉටු කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර ෆෙඩරල් රජයෙන් ලබා ගන්නා අරමුදල් මට්ටම ද පසුගිය වසර 24 පුරාවටම එකම මට්ටමක පවතින බවයි ඔවුන් අවධාරණය කළේ.
2020 ජනවාරි සහ 2024 ආරම්භය අතර, COVID-19 ආශ්රිත පරීක්ෂණ අරමුදල් ඇතුළුව රජයේ වාර්ෂික ආයෝජනය ඩොලර් මිලියන 333 කින් වැඩි වුණා.
එහෙත් කර්මාන්තයේ යෙදී සිටින දස දහස් ගණනක කාර්ය මණ්ඩලය සඳහා ශ්‍රම පිරිවැය ඉහළ යමින් පවතින බවයි පැවසෙන්නේ.
රට පුරා සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 6000 සඳහා කුලී පිරිවැය, සිරින්ජර් ඇතුලු උපකරණ මිල සහ සාම්පල ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කුරියර් සේවා සඳහා වන ගාස්තු පිරිවැය ද ඉහළ ගොස් තිබෙනවා.
එබැවින් අරමුදල් නැවත ආරම්භ කරන ලෙසත්, උද්ධමනයට සරිලන ආකාරයෙන් අරමුදල් ලබාදෙන ලෙසට හෝ ඉදිරි වසර 4 සඳහා ඩොලර් මිලියන 630ක මුදලක් ක්ෂණික ආධාරයක් වශයෙන් ලබාදෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.