Search

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය පවසන්නේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයට පැමිණ සිටින පිරිස් ඉවත් කරමින් මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

අද පස්වරු 3.45ට පමණ මෙම සිදුවීම වාර්තා වීමත් සමග පොලිසිය එම ස්ථානයට ගොස් ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ බොහෝ පුද්ගලයින් කලබලයෙන් සාප්පු සංකීර්ණ මධ්‍යස්ථානයෙන් පිටව යන ආකාරය සහ එහි පිවිසුමේ ගිලන්රථ නතර කර ඇති ආකාරයයි.

මෙම පිහි ඇනුම සහ වෙඩි තැබීම හේතුවෙන් වෙස්ට්ෆීල්ඩ් වෙත පිවිසීමට නොහැකි වන ආකාරයෙන් ආරක්ෂාව යොදවා තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය පැවසුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන නමුත් වැඩිදුර තොරතුරු ලබා දිය නොහැකි බවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »