Search

ලෝකයම දන්න ජනප්‍රිය සුරූපී ගායිකාව අබිරහස් ලෙස මියයයි

සුරූපී ප්‍රසිද්ධ කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

30 හැවිරිදි ඇය මිය යාමට පැය කිහිපයකට පෙර ඊයේ (11) සවස මිතුරියන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී මත්පැන් පානය කර ඇති බව සඳහන්.

පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර, දිගු වෙලාවක් යන තුරු නැවත නොපැමිණීම හේතුවෙන් සෝදිසි කර බැලීමේදී සිහිසුන්ව ඇද වැටී සිටින ආකාරය දැක තිබෙනවා.

මෙම මරණයට නිශ්චිත හේතුවක් තවමත් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවෛය් වාර්තා වන්නේ.

ඇයගේ නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාර්ක් බෝරම්ගේ හදිසි වියෝව ලොව වටා රසික රසිකාවියන්ගේ ශෝකයට හේතුවී ඇති බවයි.

2010 වසරේ දී දකුණු කොරියාවේ පැවත්වූ සුපර් ස්ටාර් K2 තරගයට සහභාගි වූ පාර්ක් බෝරම් සිය දක්ෂතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කළා.

පසුව ඇය 2014 වසරේ දී “Beautiful” නම් ගීතය එළිදක්වමිනුයි පොප් සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වූයේ.

එතැන් සිට අද දක්වා පැමිණි සංගීත ජීවිතය තුළ බෝරම් සම්මාන කිහිපක් දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව තවත් ගීතයක් ද එළිදැක්වීමට සුදානමින් සිටියා.