
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන 11ට පමණ ටේබල්ලන්ඩ්ස් නගරය ආසන්න ප්‍රදේශයකින් මෙම මළ සිරුරු හමුවූ බවට හදිසි සේවා වෙත තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ කවුරුන් ද යන්න හෝ මරණයන්ට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මරණ පරීක්‍ෂකවරයා සඳහා පොලිසිය වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, මරණය සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කරන බැවින් පොලිසිය ජනතාවගෙන් ද තොරතුරු ඉල්ලා සිටිනවා.
අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සිඩ්නි නුවර සිට සිද්ධිය වූ ස්ථානයට ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැක කරන්නේ අනවසර සංක්‍රමණිකයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවටයි. කෙසේවෙතත් එම තොරතුරු සනාථ කෙරෙන සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බව සඳහන්.
මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට අපරාධ මර්දන අංශය අමතන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.