වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට ගෑස් ගැන අලුත් බලාපොරොත්තුවක්

ඔස්ට්‍රේලියාවේ පළමු ද්‍රව ස්වභාවික වායු පර්යන්තයේ ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.

LNG ආනයන පර්යන්තය බලශක්ති සමාගම් සමඟ පවතින අවහිරතා මධ්‍යයේ අවසන් වීමට ආසන්න වුව ද ඔවුන්ගෙන් ගෑස් මිලදී ගන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

වසර තුනක ඉදිකිරීම්වලින් පසුව, ස්කොඩ්රන් එනර්ජි සමාගම පැවසුවේ ඉලවාරා කලාපයේ එහි බලශක්ති පර්යන්තය මේ වසරේ නිම කිරීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතියට පාවෙන ගබඩා සහ ප්‍රති වායුකරණ ඒකකය සමඟින් විශාල LNG නෞකා සඳහා ඉඩක් ලබා ගැනීම වෙනුවෙන් වරාය හෑරීම ද සිදු කෙරුණා.

ස්කොඩ්රන් එනර්ජි සමාගම පවසන්නේ නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා හි බොහෝ අවශ්‍යතා වෙනුවෙන් මෙම ගෑස් ප්‍රමාණවත් වනු ඇති බවයි.

ප්‍රති වායුකරණ ඒකකය විසින් නෞකාවෙන් රැගෙන එන ද්‍රව අන්තර්ගතය ස්වභාවික වායු බවට පරිවර්තනය කරන අතර එය කිලෝමීටර් 12ක් දිග භූගත නලයක් මගින් නැගෙනහිර වෙරළේ ගෑස් පද්ධතියට බෙදා හරිනු ඇති.

සමාගම පවසන්නේ ආනයනය කරන ලද ගෑස් මගින් වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ගෑස් අවශ්‍යතා සහ නිව් සවුත් වේල්ස් හි අවශ්‍යතාවයෙන් සියයට 70ක් සැපයිය හැකි බවයි.

ගෑස් ක්ෂේත්‍ර බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ක්ෂය වීම හේතුවෙන් මෙම දශකයේ නැගෙනහිර ප්‍රාන්ත ගෑස් හිඟයකට මුහුණ දීමට ඉඩ ඇති බව ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරු අනතුරු අඟවා තිබෙනවා.

බලශක්ති සමාගම් සමඟ වාණිජ ගිවිසුම් ඇති කර ගැනීමට මෙතෙක් අපොහොසත් වුවද නව බලශක්ති පර්යන්තය මගින් මතුවෙමින් පවතින ගෑස් අර්බුදයට විසඳුම් ලබා ගත හැකි බව සමාගම විශ්වාස කරනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »