
මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.
ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පවතින බිය හේතුවෙනුයි ගුවන් ගමන් මාර්ගය වෙනස් වී ඇත්තේ.
සිංගප්පූරුව හරහා නැවතුමක් සහිතව ලන්ඩන් වෙත ගුවන් සේවාවක් ක්‍රියාත්මක වන අතර පවතින තත්වයන් හේතුවෙන් එය ආපසු පැමිණීමේදී ලන්ඩන් සිට පර්ත් දක්වා ඍජු සේවාවක් ලෙසට ක්‍රියාත්මක වනවා.

ක්වන්ටාස් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මැදපෙරදිග සමහර ප්‍රදේශවල තත්ත්වය හේතුවෙන් පර්ත් සහ ලන්ඩන් අතර ගුවන් ගමන් සැලසුම් තාවකාලිකව වෙනස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
ආසන වෙන්කර ගෙන ඇති මගීන්ට කිසියම් වෙනසක් සිදුවන්නේ නම් ඍජුව ඔවුන් හා සම්බන්ධ වී තොරතුරු ලබාදෙන බවයි සමාගම කියාසිටියේ.

මේ අතර ඉරානය ඉක්මනින් ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා.