රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

ඒ එම දූපතේ සිරවී සතියක කාලයක් ගත කළ පුද්ගලයන් තුන් දෙනෙකු ඇමරිකා වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගැනීමත් සමගයි.

පසුගිය සෙනසුරාදා ඔවුන් තිදෙනා සංචාරය කර ආපසු නොපැමිණීම හේතුවෙන් ඔවුන් සොයා අමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

ඔවුන් ගමන් කරමින් තිබූ යාත්‍රාව අනතුරට පත්වීම හේතුවෙනුයි අදාළ දූපතට පිරිස පැමිණ ඇත්තේ.

මෙම පුද්ගලයන් තුන්ගේනා එම දූපතේ සිටින බවට සොයාගෙන ඇත්තේ, තල් පත් යොදාගෙන ඔවුන් වෙරළේ නිර්මාණ කර තිබූ හෙල්ප් යන වචනය හේතුවෙන්.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ ලුතිනන් චෙල්සි ගාර්සියා පැවසුවේ නාවික හමුදාවේ ගුවන් යානයක සෝදිසි කිරීමකින් පසුව පුද්ගලයින් තිදෙනා හඳුනා ගත් බවයි.

සතියක කාලයක් පුරා ඔවුන් පොල් ආහාරයට ගනිමින් ධීවරයින් විසින් කණිනු ලැබූ බවට සැලකෙන දූපතේ තිබූ කුඩා ලිඳකින් පිරිසිදු ජලය පානය කර තිබුණා.

මේ අතර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් මයික්‍රොනීසියාවේ කුඩා දූපතකින් පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමේ සිදුවීමක් ද 2020 වසරේදී වාර්තා වුණා.

පයික්ලොට් අයිලන්ඩ්හි අතරමංවී සිටි මිනිසුන් තිදෙනෙකු වැලිවල SOS යන අකුරු සටහන් කර තිබීම හේතුවෙනුයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ඔවුන් සොයා ගෙන තිබුණේ.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් මියගිය ගණන 2000 ඉක්මවන බවට තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයාමෙන් පුද්ගලයන් 2000ක් පමණ මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »