හෘද රෝග පාලනය කළ හැකි නව ක්‍රියාකාරකමක් අධ්‍යයනයකින් හඳුනා ගැනේ

දිනකට අවම වශයෙන් විනාඩි 5ක් පමණ චලන ක්‍රියාකරකම්වල නිරත වීම හෘද රෝග පාලනයට දායක වන බව නව අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අසුනක වාඩි වී සිටීමට සාපේක්ෂව නිදාගෙන සිටීම සහ සිටගෙන සිටීම හෘද සෞඛ්‍ය සඳහා වැඩි වාසි අත්වන බවයි හදුනාගෙන ඇත්තේ.

රටවල් පහක පුද්ගලයින් 15246ක් යොදා ගනිමින් ක්‍රියාකාරකම් 6ක් යටතේ දිනක් තුල සිදුකෙරෙන විවිධ චලන ඉරියව් මගින් හෘද සෞඛ්‍යට සිදුවන බලපෑම නිරීක්ෂණය කර තිබුණා.

දිනපතා දිවීම, වේගවත්ව ඇවිදීම, පඩිපෙලක් නැගීම බැසීම වැනි සුලු ක්‍රියාකාරකම් ඔස්සේ ද හෘද සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මිනිත්තු දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් තුල හෘද ස්පන්දන වේගය වැඩි වන මෙන්ම වේගවත් හුස්ම ගැනීම්හි නිරත ක්‍රියාකරකම් කිරීම පුද්ගල හෘද සෞඛ්‍ය වර්ධනය සදහා දායක වන බව හෙළිවී තිබෙනවා.

2021 වසරේ සිදුවු සෑම ගෝලීය මරණ තුනෙන් එකක් සඳහාම හෘද රෝග බලපා ඇති අතර එම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවටයි සෞඛ්‍ය අංශ පුරෝකතනය කර ඇත්තේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »