ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීම අතින් හොඳම රැකියා 10 නම් කෙරේ

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙලඳපොල තුළ පසුගිය වසරේ විශාලතම වැටුප් වැඩිවීමක් සිදු වූ රැකියා සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

රැකියා අංශ 10ක් සම්බන්ධයෙන් මෙහිදී හෙළිදරව් කර ඇති අතර ඔවුන්ගේ වැටුප් වැඩි වූ ප්‍රතිශතයන් ද නව දත්ත වාර්තා මගින් හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම රැකියා ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටින වැඩිම අගයකින් වැටුප් වැඩිවූ සේවකයන් වන්නේ වෑද්දුම් කාර්මිකයන්.

එම කාර්මික ශිල්පීන්ට 2023 වසරේදී සියයට 28 කින් ඩොලර් 93,400 දක්වා වැටුප් වැඩි වීමක් හිමිවී තිබෙනවා.

ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටියේ ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවන් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වැටුප සියයට 27කින් ඩොලර් 144,800 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

ගෘහස්ථ රැකවරණ සේවාවේ නිරත වන්නන්ගේ වැටුප් ඩොලර් 62,400ක් දක්වා සියයට 25 කින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රජා කණ්ඩායම් සහ ආධාරක සහායකයින්ගේ රැකියාව 4 වන ස්ථානයට ලැයිස්තුගත කර ඇති අතර ඔවුන්ගේ වැටුප් සියයට 24 කින් ඩොලර් 69,700ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

බර වාහන රියදුරන්, වෙළඳසැල්වල අලෙවි අංශයේ කණ්ඩායම් නායකයන්, වෙළඳසැල් සහ සාප්පු සේවකයින්, සැලසුම්කරු, මෙහෙයුම් ඉංජිනේරු සහ සහ වැඩිහිටි නිවාසවල රැකවරණ සලසන්නන් පිළිවෙලින් 5, 6 7, 8 9 සහ 10 ස්ථානවල පසුවනවා.

ඔවුන්ට පසුගිය වසරේදී සියයට 24, 21, 19 සහ 18 වශයෙන් වැටුප් වැඩි වීම් සිදු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට බර වාහන රියදුරෙකුගේ වැටුප ඩොලර් 113,200 දක්වාත්, වෙළඳසැල් සහ සාප්පු සේවකයින්ගේ වැටුප් ඩොලර් 54,400 දක්වාත් මෙහෙයුම් ඉංජිනේරුවන්ගේ වැටුප ඩොලර් 123,500 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිහිටි නිවාසවල රැකවරණ සලසන්නන්ගේ වැටුප ඩොලර් 63,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »