Search

ගෑස් පරිභෝජනයෙන් වික්ටෝරියානුවන් අංක එකට එයි

ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත ගෑස් පරිභෝජනය අතින් වික්ටෝරියා ප්‍රාන්තය වැඩිම ගෑස් පරිභෝජනය කරන ප්‍රාන්තය බවට පත්ව තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියානුවන් අතුරින් සියයට 90ක් ගෘහාශ්‍රිත කටයුතු සඳහා ගෑස් උපකරණ භාවිත කරන බවයි හෙළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළෙහි නවතම වාර්තා අනුව අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් සඳහා ඇති ඉල්ලුම ඉදිරි වසරවලදී එහි සැපයුම ද ඉක්මවා යන බවයි.

කෙසේ වෙතත් ප්‍රාන්ත රජය මේ වන විටත් ගෑස් පරිභෝජනය අවම කිරීමට ජනතාවට උපදෙස් දී ඇති අතර ගෑස් උපකරණ වෙනුවට විදුලි උපකරණ භාවිත කිරීම සඳහා ජනතාව දිරිමත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් බිල්පත් සඳහා වන වියඳම විදුලි බිල්පත අභිබවා යන බව ඇතැම් වික්ටෝරියානුවන් සඳහන් කර ඇති අතර ස්ව කැමැත්තෙන්ම ගෑස් උපකරණ අතහැර විදුලි උපකරණ වෙත මාරුවීමට ඔවුන් සූදානම්ව තිබෙනවා.

මූල්‍යමය පමණක් නොව පාරිසරික හා සෞඛ්‍ය වශයෙන් ගෑස් භාවිතය අවම කිරීමෙන් පුද්ගලයින් සඳහා ප්‍රතිලාභ අත්වනු ඇති.

වික්ටෝරියානුවන් උපයෝගී කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව සියයට 69ක් සඳහන් කර ඇත්තේ ආහාර පිසීම සඳහා ගෑස් උපකරණ පමණක් භාවිත කරන බවයි.

ප්‍රාන්ත බලධාරීන් ජනතාව හැකිතාක් ගෑස් පරිභෝජනයෙන් ඉවත් කිරීමට දිරිමත් කිරීමේ උපදේශන වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »