මෙල්බර්න් නීති විද්‍යාලය ලොව හොඳම නීති පීඨ 10 අතරට

මෙල්බර්න් නීති විද්‍යාලය නව ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම නීති පීඨ 10 අතරට තේරී පත්ව තිබෙනවා.

පෙර පැවති ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බර්න් නීති විද්‍යාලයට හිමිව තිබුණේ එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානයයි.

පසුගිය කාල වකවානුව තුළ මෙල්බර්න් නීති විද්‍යාලයෙහි වූ නිලධාරීවාදය සහ ශිෂ්‍ය නොසන්සුන්තා හෝතුවෙන් නීති විද්‍යාලයේ පාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරිමත් සමග මෙලෙස එක් ස්ථානයකින් ඉහළට පැමිණීමට හැකිවී තිබෙනවා.

2024 QS World University Ranking අනුව ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 9ක් ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යා අතරට නම් කර තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීම් අතර ක්වීන්ස්ලන්ඩ්, මොනෑෂ් සහ කර්ටින් විශ්ව විද්‍යාල ද ඇතුලත්.

ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය ක්‍රීඩා ආශ්‍රිත උපාධි සඳහාත්, මොනෑෂ් විශ්ව විද්‍යාලය ෆාමසි සහ ඖෂධවේදය සඳහාත්, කර්ටින් විශ්ව විද්‍යාලය ඛනිජ සහ පතල් ඉංජිනේරු විද්‍යාව සඳහාත් පෙරමුණේ පසුවනවා.

ලොව හොදම විශ්ව විද්‍යාල ලැයිස්තුවේ මෙල්බන් විශ්ව විද්‍යාල සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලැබී ඇති බව ද සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »