තරුණ ප්‍රජාව ආරක්ෂා කරන්න Instagram වලට නව විශේෂාංගයක්

තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වා දී තිබෙනවා.

නව විශේෂාංග මගින් ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කෙරෙනු ඇති.

විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සිදුවන ලිංගික කප්පම් ගැනීම් සහා තර්ජනයන්ගෙන් තරුණ පරපුර මුදවා ගැනීම මෙහි අරමුණයි.

නව විශේෂාංගයේ තවත් ලක්ෂණයක් වනුයේ යමෙකුට නිරුවත අඩංගු රූපයක් ලැබුණු විට එය ස්වයංක්‍රීයවම අනතුරු ඇඟවීමේ තිරයක් සමග අපැහැදිලි ආකාරයෙන් දර්ශනය වීමයි.

නිරුවත් රූපයක් මෙලෙස බොඳ කිරීමෙන් යළි යළිත් එවැනි ඡායාරූප සමාජ මාධ්‍යය යොමු කිරීම අධෛර්යමත් කරන බව මෙටා සමාගම පෙන්වා දෙනවා.

ඉන්ස්ටග්‍රෑම් තාක්ෂණිකවේදීන් සඳහන් කර ඇත්තේ අන්තර්ජාල අපරාධකරුවන්ට වංචනික ක්‍රියා සිදුකිරීමට ඉදිරියේ දී මෙමගින් අවකාශය නොලැබෙන බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »