ඔස්ට්‍රේලියාවේ COVID-19 මරණ බිංදුව දක්වා පහතට

COVID-19 වසංගතය ආරම්භයෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියාව තුළ ගතවූ සතියේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර දෙපාර්තමේන්තුවේ දින හතක දත්ත පෙන්නුම් කළේ මාර්තු මාසයේදී කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී ඇති බවයි.

2022 වසරේ ජනවාරි මාසයෙන් පසු රෝහල්වලට ඇතුළත් වීම ද අවම මට්ටමක පවතින බව සඳහන්.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග අංශයේ සහකාර මහාචාර්ය ජේම්ස් වුඩ් පැවසුවේ මෙය දිරිගන්වන සුළු දත්ත වුවද ගතවූ සතියේ COVID මරණ නොමැති බව නිවැරදි නොවන බවයි.

මරණ වාර්තා කිරීම සඳහා වන වාර්තාකරණ පද්ධතිය බොහෝ දුරට අඩාල වී ඇති අතර ඒවා යාවත්කාලීන කිරීම මාස දෙකක පමණ ප්‍රමාදයකින් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේ සිට මේ දක්වා තහවුරු වූ රෝගීන් 22,000කට වඩා වැඩි සංඛ්‍යාව සත්‍ය රෝගීන් සංඛ්‍යාව මෙන් බොහෝ ගුණයක් වැඩි විය හැකි බවටයි මත පලවන්නේ.

වෛද්‍ය ප්‍රවීණයන් ප්‍රකාශ කළේ මරණ අඩු වීමට හේතු වී ඇත්තේ එන්නත් කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය වීම සහ වෛරසය පිළිබඳ අවබෝධය මෙන්ම ඵලදායී ප්‍රතිකාර යන කරුණුවල එකතුවක් බවයි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »