
බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොයා පොලිසිය මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරු 3.40ට පමණ පවර් ස්ට්‍රීට්හි ඩූන්සයිඩ් උසස් තාක්ෂණ පාසල අසලදී පිහි ඇනුම සිදුවී ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලැබී තිබුණා.

තුවාල ලබා ඇති 19 හැවිරිදි බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්.
අත්අඩංගුවට පත්වූ සැකකරු බ්ලැක්ටවුන් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට මෙතෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැහැ.

මෙම පිහි ඇනුමට තරුණ කණ්ඩායම් දෙකක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර පොලිසිය සැකකරුවන් සොයා සාප්පු මධ්‍යස්ථානය සහ දුම්රිය ස්ථානය අවට සෝදිසි කිරීම් සිදු කර තිබුණා.
පොලිසියට ලේ තැවරී තිබූ පිහියක් ද හමුවී ඇති අතර සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.