ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ ජෙරුසලම, ටෙල් අවිව් හෝ බියර් ෂෙවා ප්‍රදේශවලින් පිටතට නොයන ලෙස තම කාර්ය මණ්ඩලයට දන්වා ඇති බවයි.

මීට දින 11කට පමණ පෙර ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය ප්‍රතිඥා දී ඇත්තේ.

ප්‍රහාරයෙන් මියගිය අය අතර ඉරානයේ ප්‍රභූ ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මෙන්ම තවත් හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු ද වනවා.

කොන්සල් කාර්යාල ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය භාරගෙන නොමැති නමුත් එය පිටුපස ඊශ්‍රායල හමුදා සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගාසා තීරයේ ඊශ්‍රායලයට එරෙහිව සටන් කරන පලස්තීන සටන්කාමී කණ්ඩායමට මෙන්ම ඊශ්‍රායලයට එරෙහිව නිතර ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ හිස්බුල්ලා වැනි කණ්ඩායම්වලට සහාය දක්වන රටක් ලෙසට ඉරානය සැලකෙනවා.

මේ අතර ජර්මානු ගුවන් සමාගමක් වන ලුෆ්ටන්සා ඉරාන අගනුවර වන ටෙහෙරාන් වෙත ගුවන් ගමන් අත්හිටුවීම සෙනසුරාදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »