Search

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

වාර්ෂිකව ලොව පුරා කක්කල් කැස්ස රෝගීන් හා මරණ යම් ප්‍රමාණයක් වාර්තා වුවද මේ වසරේ එහි වර්ධනයක් පෙන්නුම් කරන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වසරේ ඔස්ට්‍රේලියාව තුළ අවම වශයෙන් රෝගීන් 3,000ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලින් හඳුනාගෙන තිබෙනවා.

එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපය ඇතුළු විවිධ රටවල කක්කල් කැස්ස පැතිරීම වාර්තා වන අතර චීනය, පිලිපීනය, චෙක් ජනරජය සහ නෙදර්ලන්තය යන රටවලින් මරණ වාර්තා වී ඇතැයි සඳහන්.

විද්‍යාත්මකව පර්ටුසිස් (pertussis) ලෙස හඳුන්වන කක්කල් කැස්ස අධික ලෙස බෝවන අතර විශේෂයෙන් ළදරුවන්ට සහ ළමයින්ට එය ආසාදනය මාරාන්තික විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වසරේ පළමු මාස දෙක තුළ පමණක් චීනයෙන් කක්කල් කැස්ස වැළඳුණු රෝගීන් 32,380 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 13ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක ඉහළ යාමක් බවයි චීන බලධාරීන් සඳහන් කළේ.

පිලිපීනයේ ද කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 34ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »