තැපැල් ලිපි බෙදා හැරීමේ වෙනස ලබන සඳුදා සිට

දෛනික ලිපි බෙදා හැරීම ලබන සතියේ අවසන් සිට අවසන් කිරීමට ඔස්ට්‍රේලියන් පෝස්ට් තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා පෝස්ට්හි නව කාර්ය සාධන වැඩසටහන හේතුවෙනුයි ලබන සතියේ සිට මෙලෙස දිනක් හැර දිනක් පමණක් ලිපි ලබා දීමට සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන ලබන සඳුදා ආරම්භ වන අතර එය පසුගිය වසරේ ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පාඩු ලබන ආයතනවල ක්‍රියාපටිපාටි වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගවල කොටසක් වනවා.

ඔස්ට්‍රේලියා පෝස්ට් මෙලෙස ලිපි බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ගතවූ මාස කිහිපයක් පුරා සිදු කළ මහජන අදහස් විමසීම්වලින් ද පසුවයි.

පාර්සල් බෙදා හැරීම් සඳහා ඇති ඉල්ලුමේ වැඩිවීමක් සහ ලිපි බෙදා හැරීමේ පසුබෑම කළමනාකරණය කර ගැනීමට නව කාර්ය සාධන ඉලක්ක අවශ්‍ය බවයි රජය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියන් පෝස්ට් හි නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සෑම නිවාස පහකින් හතරක් අන්තර්ජාලය හරහා කුමක් හෝ දෙයක් මිල දී ගෙන ඇති අතර නිවාස මිලියන 9.5කට පාර්සලයක් ලැබී ඇති බවයි.

පසුගිය වසරේ අගනගරවල දිනක් හැර දිනක් ලිපි බෙදා හැරීමේ අත්හදා බැලීම් සිදු කර ඇති බැවින් එම වෙනස්කම් බොහෝ දෙනෙකුට දැනටමත් හුරුපුරුදු වී ඇති සඳහන්.

ලිපි බෙදා හැරීමේ වෙනස්කම් සිදු වුව ද ඔස්ට්‍රේලියාව පුරා ඇති තැපැල් කාර්යාල සංඛ්‍යාව වෙනස් නොවන බවයි රජය සඳහන් කළේ.

ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »