Search

ඔස්ට්‍රේලියාව ඉතිහාසයට එක් කරන ගමනට සියල්ල සූදානම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම රොකට්ටුව ලබන මැයි මාසයේදී අභ්‍යාවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ගිල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති එරිස් (Eris) රොකට්ටුව උතුරු ක්වීන්ස්ලන්තයේ ඇබට් පොයින්ට්හි දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි.

මීටර් 23ක උසකින් යුත් මෙම රොකට්ටුව සඳහා ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සියෙන් දියත් කිරීමේ අනුමැතිය බලාපොරොත්තුවෙනුයි ගිල්මෝර් අභ්‍යවකාශ ආයතනය පසුවන්නේ.

දශකයකට ආසන්න කාලයක් සිදු කෙරෙණු පරීක්ෂණ සහ නිර්මාණය කිරීම්වලින් පසුවයි එරිස් රොකට්ටුව එහි අවසන් අදියරට පැමිණ ඇත්තේ.

2013 දී ඉතා කුඩා කණ්ඩායමක් සමගින් ආරම්භ වූ ගිල්මෝර් අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය තුළ මේ වන විට ඉන්ජිනේරුවන්, නිෂ්පාදකයින් සහ කාර්මික ශිල්පීන් 200කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත වනවා.

කිලෝග්‍රෑම් 30,000ක් බරැති Eris රොකට්ටුව එකලස් කිරීමේ කටයුතු වෙනුවෙන් පසුගිය වසර තුනක කාලය තුල ඩොලර් මිලියන 100කට වඩා වැඩි වියදමක් දරා ඇති බව සඳහන්.

ඇබොට් පොයින්ට් හි අලුතින් විවෘත කරන ලද බෝවන් කක්ෂීය අභ්‍යවකාශ තොටුපළේ දියත් කිරීමේ මණ්ඩපය තුළ රොකට්ටුව ප්‍රථම වරට සාර්ථකව ඔසවා තිබෙනවා.

මෙම වසර අගදී තවත් රොකට්ටුවක් කක්ෂගත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන ගිල්මෝර් අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ මිනිසුන් රැගෙන යා හැකි රොකට්ටුවක් නිෂ්පාදනය කිරීමට ද අවධානය යොමුවී ඇති බවයි.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »