ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් මාධ්‍ය හමුවේ කළ කතාවක දී අගමැතිවරයා පැවසුවේ තම රජය ඉදිරි මාසවලදී ෆියුචර් මේඩ් ඉන් ඔස්ට්‍රේලියා (Future Made in Australia) පනත හඳුන්වා දෙන බවයි.

තරඟකාරී ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය ද්‍රව්‍ය සහ අනෙකුත් යටිතල පහසුකම් නංවාලීම මෙන්ම තීරණාත්මක ඛනිජ ඇතුළු ඔස්ට්‍රේලියානු සම්පත් වඩා හොඳින් භාවිතා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවන අතර ඉදිරි පරම්පරාව ඉලක්ක කර ගත් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් බවයි අගමැතිවරයා කියාසිටියේ.

යුරෝපීය සංගමය, ජපානය, කැනඩාව, දකුණු කොරියාව මෙන්ම ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ද උද්ධමනය අඩු කිරීම සඳහා දේශීය කර්මාන්ත සඳහා සහනාධාර ලබා දෙන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් විපක්ෂ නායක පීටර් ඩට්න් පැවසුවේ මෙම සැලැස්ම සාක්ෂාත් කරගත නොහැකි බව තමා සිතන බවයි.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »